අල්ල විශ්වයේ ඇන්ටනාවකි | Page 2 | සිළුමිණ

අල්ල විශ්වයේ ඇන්ටනාවකි

ඔබේ ශරීරය තුළ ඉන්ද්‍රියන්ගේ ක්‍රියා කාරිත්වය දක්වන (මදර් බෝඩය) යතුරක් වන ඔබේ අල්ල විශ්වයේ ඇන්ටනාවකි. අහසේ පායන ඉර-හඳ තාරකා කිරණ ඒ හා බැඳී පවතී . ඒ කිරණ මඟින් ඔබේ අල්ලේ රේඛා මනුෂ්‍ය ජීවිතයක ශුභාශුභ විශිෂ්ට අන්දමින් දැන ගැනීමට ඉතා පහසුවන්නේ‍ අල්ලේ වැටෙන රේඛානුසාරයෙනි.ඒ අනුව ස්ත්‍රීන්ගේ වම් අල්ල හා පුරුෂයින්ගේ දකුණු අල්ල පරීක්ෂා කොට ඒ අනුව පලාපල කීම ලක්ෂණ ශාස්ත්‍ර නියමයයි සඳහන් වන්නේය.

මොළයේ වාම භාගය චින්තන ශක්තිය මෙහෙයීමෙහි අනිත් භාගයට වඩා ඉවහල් වන්නේය. මොළයේ වාම භාගයේ නහර දකුණතටද දක්ෂිණ භාගයේ නහර වමතටද පිළියෙල මාරු වී වැටෙන බව විදුම් පිලිස්සුම් මනුෂ්‍ය ශල්‍යයෙහි දක්වා ඇත්තේ ය.

ඒ නිසා ජන සමාජයේ තරංගයන්ගෙන් බොහෝ සේ වෙන්වුණ ස්ත්‍රී පක්ෂයේ මොළය ක්‍රියාවෙහි වඩා නොයෙදෙන බැවින් වම් අත්ල පරීක්ෂා කටයුතුයයි ද ඊට ප්‍රති විරුද්ධ හැසිරීම් ඇති පුරුෂයන්ගේ දකුණ අල්ල පරීක්ෂ‍ා කිරීමද යුක්තියක් සේ සැලකෙන බවද සාමුද්‍රිකා ශාස්ත්‍රයේ සඳහන්ව ඇත්තේය.

එහෙත් අද සමාජය ඊට ඉඳුරාම වෙනස්ය. බමුණු සමාජයේ බමුණු මත අනුව ස්ත්‍රියක් කුස්සියට සීමාවෙත් බැහැර වී සිටිති. වර්තමාන හස්ත රේඛා විද්‍යාඥයන් ස්ත්‍රී පුරුෂ බේදය නොසලකා විශේෂයෙන් රාජ්‍ය පාලන මහජන කටයුතු ආදියෙහි හැසිරෙන කාන්තා පක්ෂයක් ඇති මේ කාලයෙහි දැනුම පරීක්ෂා කිරීම වැදගත් වන්නේය.

ඔබේ අත්වල වම් අතේ රේඛා ලක්ෂණ පුර්ව ජන්මයන්හි පුණ්‍ය භාවයද දකුණු අත්ලේ රේඛා ලක්ෂණ උත්සාහයෙන් ඇති කරගත් භාග්‍යයද විනා අමුතු අභිවෘධියක් නැති බවත් ශුභ වූ අශුභ වූ රේඛා ඇත්නම් ඒවා මේ ජන්මාන්තරයේදී තමන් කරගත් ක්‍රියා මාර්ගයේ ප්‍රතිඵල බව මා හස්ත රේඛා පිළිබඳ විවිධ අල්ල පරීක්ෂා කිරීමේදී හැඟී ගොස් තිබේ.

බොහෝ දෙනා අනාවැකි කියන්නේ අල්ලේ වැටෙන ප්‍රධාන රේඛා කීපයක් මුල් කරගෙනය. එහෙත් අල්ලේ වැටෙන රේඛා නම ලක්ෂයකට අධික බව සුප්‍රකට නාඩි විද්‍යා හස්ත රේඛා විද්‍යාවේත් පැහැදිලිය.

සුප්‍රකට ඇරිස්ටෝටල් පඬිවරයාගේ මතය හේතුවක් නැතිව මනුෂ්‍ය හස්ත තලයෙහි රේඛා නොපිහිටයි. ඒවා ග්‍රහ බලය ‍හේතු කොටගෙනම සිදුවේය යන්නය.

උමා දේවීන් විසින් නන්දි සෘෂිවරයාට තෝරාදෙන ලද්දා වු ස්කන්ධ දෙවියා විසින් මත්ශ්‍ය සෘෂිහුගේ මඟින් ලොවට පළ කරන ලද නාඩි විද්‍යාත්මක හස්ත රේඛා විද්‍යාවේද කෙනකුගේ අල්ල පරීක්ෂා කිරීමේදී දෑතම පරීක්ෂා කළ යුතු බව කියවේ.

ඔබේ අල්ල තුළ ජ්‍යෙතිෂ්‍ය විද්‍යාවේ කියවෙන රාශි චක්‍රය - හෝරා තිථි නැකත් හා පාද ලක්ෂණ ද පමණක් නොව පෙර ආත්මවලදී උපන් භූමි හා ඥාති වර්ගයා ගැනද ලියවී ඇත්තේය.මෙය දකුණු ඉන්දිය‍ාවේ අද භාවිත කෙරෙන නාඩි විද්‍යාවට සමානය.

කෙනෙකුගේ අල්ල පරික්ෂා කිරීමේදී පළමුවෙන්ම බැලිය යුත්තේ ආයුෂයයි. මෙය වඩාත් නිවැරදිව කිව හැක්කේ ජීවන රේඛාව පරීක්ෂා කිරීමෙනි. එය මාපට ඇඟිල්ලේ සිකුරු මණ්ඩලය වට කොට ඇති මහ රේඛාවයි. මෙය මිනිස් සිරුර පුරා පැතිරී යන හදවත් තාලයට සම්බන්ධ අංගුෂ්ඨ මුල කරණී ප්‍රධාන ලේ නහරය ප්‍රධාන කොට ඇති රේඛාවයි.

මෙය මනුෂ්‍යයාගේ හෘදය වස්තුව - ආමාශය සමඟ ශරීරයේ ප්‍රධාන ඉන්ද්‍රියන්ට සම්බන්ධව පවතින හෙයින් “ජීවය” යන අර්ථයෙන්ම ජීවන රේඛාව නමින් ප්‍රක‍ටය.

කඩතොළු නැති පැහැදිලිව දීර්ඝ වූ ජීවන රේඛාව යම් අල්ලක වැටී තිබේද දීඝායු - නිරෝගී භාවය හා පුරුෂ ශක්තිය ක්‍රියාකාරකම් ගැන ප්‍රකාශිතය.

පිරිසිදු වූ ලේ (නහර) ඇත්තේද ආහාර දිරවීමේ ශක්තිය ඇත්තේද වීරිය ඇත්තේද එවැනි උසස් පුද්ගලයෙකුගේ අල්ල තුළ එය ඉතාමත්ම ශෝභනව පිහිටන්නේය.

ඔබේ දෑත තුළම මේ රේඛාව මේ ආකාරයට ඇත්නම් ජීවිතය ඉතාම වාසනාවන්තය.

මේ රේඛාව විහිදෙන මාපට ඇඟිල්ල මුල කොටස මෙම අත්ල සිතියම් දැක්වෙන ආකාරයට විශාල නම් නිරෝගී පුද්ගලයෙකුගේ ලක්ෂණයයි.

මෙය ගුරු මණ්ඩලයේ ඉහළින් පටන් ගැනීම ඉන්ද්‍රිය දමනයෙහි යහපත් කෙනෙකි. (අංක1) එවැනි අය බලවත් උගත් බුද්ධිමතුන්ය.

ආයුෂ මැනීමේදී මෙම රේඛාව ගුරු ඇඟිල්ල යට සිට මැණික් කටුව දක්වා වර්ෂ 120 කට බෙදීම පුරාණ ඉර්ෂිවරුන්ගේ මතයයි. එය අවුරුදු 10 න් දහයට කොටස් කළ හැකිය.

ජීවන රේඛාව - ශීර්ෂ රේඛාවත් සමඟ බැඳුන විට එවැනි අය ශෝභා සම්පන්නව උපන් අය ය. (අංක 2) එයින් අතු රේඛාවක් ගුරු මණ්ඩලයට වැටුණ විට ඔවුන් ධනයෙන්, බලයෙන් සියලු අභිමතාර්ථයන් ඉටු කර ගන්නෝය (අංක3)

මෙම රේඛාව යුගල ලක්ෂණයෙන් පිහිටීම රජවරුන්ගේ කුමාරවරුන්ගේ උදව්වෙන් දේශපාලන නිලතල, බලතල ලබයි. මෙය බල පරාක්‍රමයේ ලකුණකි. (අංක 4) ශනි මණ්ඩලයට අතු රේඛාවක් වැටුණ විට ධනවන්ත භාවයේ ලකුණකි. (අංක 5 )

පීතෘ රේඛාව (ජීවන රේඛාව) ගුරු මණ්ඩල පෙදෙසේදී දම්වැලක ආකාරයෙන් විහිදී ගිය විට බාල කාලය දුක් සහිතය.

ජීවන රේඛාව - ශිර්ෂ රේඛාව - මාතෘ රේඛාව එකට බැදීම කලබලකාරයෙකි. (අංක 6)

ජීවන රේඛාව චන්ද්‍ර මණ්ඩලයෙන් අවසන් වූ විට (විශේෂයෙන්ම ස්ත්‍රීන්ගේ) ගර්භාෂයේ දරුණු රෝග වැළඳේ (අංක 6)

ජීවන රේඛාවෙන් පහතට වැටෙන රේඛාවන්ගෙන් කියවෙන්නේ ජීවිතයේ පරිහානි කාලයයි. මෙය වයස 50 ත් 60 ත් කාලයේ වැටුණ විට ජීවිත‍යේ අවාසනාවන්ත කාලයකි.

ජීවන රේඛාවට සමාන්තරව වැටෙන රේඛාවට භගිති රේඛාවයයි සාමුද්‍රිත ශාස්ත්‍රයේ එයි. මෙවැනි රේඛාවන් කැඩීම් කැපීම් වලින් තොරව වැටුණ විට ලෙඩ රෝග විපත් වළක්වයි. එවැනි අයට මහත් ධනය වාසනාව ගෙන දේ (අංක 4 ) භගිති ජීවන රේඛාව සිකුරු මණ්ඩලයෙන් විහිදුණ හරහට වැටෙ රේඛාවක් ජීවන රේඛාව කැපුණ විට විරුද්ධ වාදීන්ගේ සතුරු බාධකවලින් වන කරදරයන්ය.

ජීවන රේඛාවේ අග චත්‍රයක ලක්ෂණයක් හෝ සංඛ ලාංඡනයක් වැටීම හෝ ගුරු මණ්ඩලයෙන් මල් පොහොට්ටුවක් වැටීම සිය ජීවිතයේ ජනතාවගේ පුජනීයත්වය ලබන ලකුණකි.

රටක ජාතියක ආදර ගෞරවය ලබන ශ්‍රේෂ්ඨ පුද්ගලයන‍්ගේ අල්ලේ මේ ලක්ෂණ වැටේ.

ජීවන රේඛාව තුළ දූපත් වැටුණ විට අදාළ වයසේදී හෘදය, බඩ හෝ ගර්භාශයේ ආබාධවලට හේතුවේ. කළු තිත් වැටුණ විට අදාළ කාලයේ විවිධ රෝග වලින් ප්‍රවේශම් විය යුතුය.

ජීවන රේඛාව දෙකට කැඩී කොටුවක් වැටුණ විට විපතක් ඇතත් ඉන් බේරේ. තවද කිසියම් අල්ලක පීතෘ රේඛාවෙන් නැගුණ රේඛාවක් සිකුරු පර්වතයෙන් නැගී පීතෘ රේඛාවට වැටීම විවාහයක් සිදුවන ලකුණක්. එවැනි රේඛාවක් සහිතව තවත් රේඛාවක් චන්ද්‍ර මණ්ඩලයට මේ රේඛාවෙන් ගිය විට පිටස්තර පළාතක පදිංචි වේ. උපන් බිමෙන් වෙන්ව දියුණුව ලබන ලකුණකි. දෙමවුපිය සහෝදරයන්ගෙන් බන්ධු රේඛාවෙන් කියවෙන්නේ ඈත්වන ලකුණකි. (අංක 6)

ජීවන රේඛාව හෙවත් පීතෘ රේඛාව තුළින් කුඩා රේඛා උෟර්ධව ධන රේඛාව හෙවත් කර්මඵල රේඛාවට වැටීම වාසනාව ගෙන එන කාලයක අල්ලේ දිස්වේ. කාලය රේඛාවේ පිහිටීම අනුව මැන බැලිය යුතුය (අංක 9) පීතෘ ‍ෙර්ඛා‍වත් කර්මඵල රේඛාවත් කපා ගෙන කවාකාර රේඛාවක් යම් තැනක වැටේද (අංක 8) ඒ කාල වකවානු තුළ ඇසින් නොපෙනී යන ලකුණකි.

පීතෘ රේඛාව හරහා සියලු රේඛා එකමුතුව වැටෙන හතරස් කොටු සටහන යහපත්ය. එය හදිසි විපත් කරදරවලින් මිදෙන බවය.

පීතෘ රේඛාවේ අග මල් පොහොට්ටුවක ලකුණ වැටුණ විට යහපත්ය. එවැන්නෝ ජීවිතයේ අග භාගයේ ධනයෙන් බලයෙන් කීර්තියෙන් උසස් වන අය ය. ලෝක ප්‍රකට වන බුද්ධිමතුන්ගේ ශ්‍රේෂ්ඨතම ගත්කරුවන්ගේ ශ්‍රේෂ්ඨතම පුජකවරුන්ගේ අල්ලවල් තුළ සේසත් ලකුණ දක්නට ලැබේ. (අංක 14) විවාහය බිදෙන අයගේ අල්ල තුළ සිකුරු මණ්ඩලයේ මාපට ඇඟිල්ල මුල සිට පීතෘ කර්මඵල මාතෘ ශීර්ෂ රේඛා කපාගෙන විවාහ රේඛාවට රේඛාවක් විහිදේ (අංක 13) ජීවන රේඛාවෙන් කර්මඵල රේඛාවේත් අතර කතිර ලකුණ දැක්වීම වැදගත් ය. වාසනා ශක්තිය ගෙන දෙන කාලයකි. (අංක 10)

මේ රේඛාව තුළ දූපත් ලප කැළල් ඇතිවීම අයහපත්ය. විපත්ති දායකය. මේ රේඛාව තුළ වැටෙන තරු දූපත් චතුරශ්‍ර ත්‍රිෂුල තුන්නායුධ - ජාල මැසිදැල් මත්ස්‍ය සංඛ පද්ම කොඩි විවිධ අනාවැකි කියවේ.

Comments