සායි බබාගේ නුවණ | Page 4 | සිළුමිණ

සායි බබාගේ නුවණ

මට කවදාවත් සායිබාබ හම්බ වෙලා නෑ. හැබැයි, එක විදිහකින් බැලුවොත් නං හම්බවෙලා තියනව. මට එතකොට වයස මාස 5 යි. සායි බාබ අපේ අම්මගෙ දරු ගැබට අත තිබ්බ. “ඔබතුමා මොකද කරන්නෙ?” කියල අම්ම ඇහුව. “මං ඔබේ දරුවගෙ පාද ස්පර්ශ කළා” ඔහු පිළිතුරු දුන්න.

මේක දැකපු බෝට්ටුකාරය කලබල වෙලා “මොකක්ද ඔබතුමා මේ කරන්නෙ? ඔබතුමා කවදාවත් කිසි කෙනෙකුගෙ දෙපය අල්ලන්නෙ නෑ නේද?” කියල ඇහුව.

එතකොට සායිබාබ දුන්නු උත්තරේ මේකයි.

“මේ ඉන්නෙ එසේ මෙසේ කෙනෙක් නෙමේ. උඹ මහ මෝඩයෙක්. උඹ මේ ඇත්තන්ව එගොඩ කරපං! මේ කුසේ ඉන්නෙ මිනිස්සු දස දහස් ගාණක් ගලවගන්ඩ පුළුවන් ආත්මයක්. ඒ හින්ද උඹේ හැට ගාණ ගැන කරදර වෙන්ඩ එපා! මේ ඇත්තන්ව එගොඩ කරපං!”

එහෙමයි එගොඩ ගියේ‍.

“ඒ වෙලාවෙ මං දැනගත්ත මං කුසේ දරාගෙන ඉන්නෙ විශේෂ කෙනෙක් කියල” අපේ අම්ම මට කිව්ව.

එතකොට මං අම්මට මෙහෙම කිව්ව. “මට තේරෙන හැටියට නං සායිබාබ නුවණක්කාරයෙක්. එයා බෝට්ටුකාරයව මෝඩයෙක් කෙරුව. එතන ඇති ආශ්චර්යයක් නෑ. කෙනෙක් එයාගෙ නෑනගෙ පුතා එක්ක බෝට්ටුවෙන් ගිය පළියට ඒක දියේ ගිලෙන‍්නෙ නෑ. ඒ කතාවෙ හරයක් නෑ. විකාර කතාවක්. සමහර විට අහම්බෙන් බෝට්ටුව පෙරළෙන්ඩ පුළුවනි. කලාතුරකින් එහෙමත් වෙනවනෙ”

මං හිතන විදිහට මේකට මුල්වෙලා තියෙන්නෙ ක්‍රිෂ්ණට ජ්‍යොතිශ්ශාස්ත්‍රඥයො කියපු කතාවක්. ඔවුන් ඔහුට කියල තිබුණ “ඔ‍ෙබ් සහෝදරියකගෙ එක ළමයෙක් දවසක ඔබ මරා දමනව!” කියල. ඒ හින්ද ඔහු තමන්ගෙ සහෝදරියවයි, සැමියවයි හිරගත කළා. ඇය දරුවො හත් දෙනෙක්, පුත්තුම හත් දෙනෙක් බිහි කළා. ඔහු ඒ හැමෝම මරල දැම්ම. අට වැනිය ක්‍රිෂ්ණ!

ඇත්තෙන්ම, දෙවියො පහළ වෙනකොට හිර ගෙවල්වල අගුලු ඇරෙනව. මුරකාරයො නින්දට වැටෙනව. ක්‍රිෂ්ණගෙ පියා ක්‍රිෂ්ණව එළියට ගත්ත. ඒ කාලෙ යමුනා ගඟ තමයි ක්‍රිෂ්ණලගෙ රාජ්‍යයෙ මායිම. තමන්ගෙ සහෝදරියගෙ පුත්තුන්ගෙන් කෙනෙක් තමන්ව මරයි කියන බයට ඒ පුත්තු හත්දෙනාම මරා දාපු කෙනා තමයි කන්ස.

යමුනා ගඟ ගලලයි තිබුණෙ. ඒක ඉන්දියාවෙ තියන මහා ගංගාවලින් එකක්. ගඟ තරණය කරගන්ඩ බැරිවෙයි කියල ක්‍රිෂ්ණගෙ පියා බයවෙලයි හිටියෙ. නමුත් කොහොම හරි දරුවව ගඟින් එගොඩ හිටිය යාළුවගෙ ගෙදරට ගෙනියන්ඩ ඕනෑ කළා. පහුවදා උදේ කන්ස ඇවිත් ‘කෝ දරුව?’ කියල අහනකොට ඔහුට පෙන්නන්ඩ ගෑනු දරුවට මෙගොඩට ගේන්ඩම ඕනෑ. පුතෙක් ඉපදිලා හිටියනං මරල දාන්ඩයි කන්ස තීරණය කරල තිබුණෙ. දුවෙක් නං මරන්නෙ නෑ. නමුත් ඉපදුණේ පුතෙක්. දැන් ඉතින් කොහොමද මේ ගඟ තරණය කරන්නෙ? මේ රෑ ඔරුත් නෑ. නමුත් ගඟ තරණය කළ යුතුමයි.

කොහොම නමුත් දෙවියන්ට නං යතුරු නැතුව හිරගෙවල් අරින්ඩ පුළුවනි. කවුරුවත් ඇරල දෙන්ඩ ඕනෑ නෑ. නිකම්ම ඇරෙනව. ඒ හින්ද දොරවල් ඇරුණ. ගාඩ්ල නින්දට වැටුණ. දෙවියො මොකක් හරි බේරුමක් කරල දේවි. ඒ හින්ද දෙවියො දරුව කූඩෙකට දාල ඒක ඔළුවෙ තියාගෙන ගඟ තරණය කළා. මූද දෙබෑ වෙච්ච වෙලේ මෝසෙස්ට වුණේ මොකක්ද හරියට අන්න ඒ වගේ දෙයක් තමයි මෙතෙන්දි සිද්ධ වුණේ. මේ වතාවෙ ඒක වුණේ ඉන්දියන් ක්‍රමයට. ඒක මෝසෙස්ට වෙන්ඩ විදිහක් නෑ මොකද ඒ මූද ඉන්දියාවෙ නෑ. ඉන්දියාවෙ තියෙන්නෙ ගඟ.

ඔහු ගඟට බහින කොටම ගං වතුර ඉහළ නගින්ඩ පටන් ගත්ත. ඔහු හොඳටම බය වුණා. හිතාගෙන හිටියෙ ගංවතුර බැහැල යයි කියල. ඒත් ඉහළ නගින්ඩයි පටන් ගත්තෙ. ඒක ක්‍රිෂ්ණගෙ දෙපතුල් දක්වාම ඉහළ නැග්ගා. ඉන් පස්සෙයි බහින්ඩ පටන් ගත්තෙ. ඒ තමයි ඉන්දියන් ක්‍රමය. ඒක වෙන දිහෑවක වෙන්ඩ බෑ. ගඟක් කොහොමද ඒ වගේ අවස්ථාවක් පැහැර හරින්නෙ? දෙවියො පහළ වෙලා තමන් හරහ වඩිද්දි එහෙම වඩින්ඩ සලස්වන එක විතරක් මදි. සිරිත ඒක නෙමේ‍.

කවුරුහරි කෙනෙකුයි එයාගෙ සහෝදරී‍ෙග පුතයි අතර මේ වගේ එදිරිවාදිකමක් පවතින කතාව ඒ කාලෙ හිටන් එන දෙයක්. මොකද ඒ ක්‍රිෂ්ණ කන්සව මරපු හින්ද.

ගඟ තරණය කෙරුණ. ගංවතුර බැහැල ගියා, ඒක දරුවට අනුග්‍රහය සැලසුව. එදා හිටන් මවු පාර්ශ්වයේ සහෝදරයො එක්ක, මාමල එක්ක ඉන්දියාවෙ සේරම ගංගාවල් තරහින් ඉන්නෙ. ඒ අන්ධ විශ්වාසය තවමත් තියනව.

මං අම්මට මෙහෙම කිව්ව. “මොනව වුණත් එක දෙයක් පැහැදිලියි. සායිබාබ නං ඥානවන්ත, හිනා කන වැඩ කරන මනුස්සයෙක් වෙන්ඩ ඕනෑ.” ඒත් අම්ම මගෙ කතාවට කන්දුන්නෙ නෑ. වෙච්ච සිද්ධිය ගමේ ප්‍රචාරය වුණා. ඒක හැබෑ කරන්ඩ වගේ මාසෙකට විතර පස්සෙ ඒ වගේ තවත් සිද්ධියක් ඇති වුණා. මේ ජීවිතේදි ආශ්චර්යයන් කියල හිතා ගන්ඩ පුළුවන්. අහම්බ දේවලුත් සිද්ධ වෙනව. එක සැරයක් ආශ්චර්යයකට හුරු වුණාම ඕනෑම අහම්බයක් ආශ්චර්යයක් විදිහට සලකන්ඩ හුරු වෙනව.

Comments