
මෙවර රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව ඓතිහාසික කටයුත්තක් සිදු කරනු ලබන බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි. ඒ අනුව රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන බිංගිරිය රජමහා විහාරස්ථානයට මැයි මස 1 වැනිදා මහ නාහිමිවරුන් සිවු දෙනා ඇතුළුව සියලුම නිකායික පාර්ශ්වයන් 32 හිම මහ නාහිමිවරුන් වඩමවා එදින විශේෂ කටයුත්තක් සිදු කරනු ලබන බව ඒ මහතා කීය.
මේ ඓතිහාසික කටයුත්ත සම්බන්ධව වැඩි විස්තර එදිනට දැන ගත හැකි වනු ඇතැයිද ඇමැතිවරයා කීය.