සිංහල අවුරුද්ද ඇවිත් | සිළුමිණ

සිංහල අවුරුද්ද ඇවිත්

අලුත් අවුරුද්ද උදාවන්නේ අප්‍රේල් මාසයේදීය. අප්‍රේල් මාසයට බක්මාසය කියා කියයි. සිංහල අවුරුදු එන බව අපට මුලින්ම කියන්නේ කොහා ය. අවුරුදු කාලයට රතු පාටින් එරබඳු මල් පිපෙයි. ගස් වැල් ගෙඩි වලින් පිරෙයි. කජු පුහුලන් රතු පාටින් කහ පාටින් බබළයි. හැම ගෙදරකම කැවිලි වර්ග බදින සුවඳ ගම පුරා පැතිරී යයි. සැවොම එකතු වී වයන රබන් හඬ ගමටම ඇසෙයි. තාත්තා කජු ගහේ බඳින ඔන්චිල්ලාව පදින්නට අක්කාත් මමත් ආසාවෙන් බලා හිඳියි.

අවුරුදු කෑම ගෙවල්වලට බෙදන්නට අක්කාත් මමත් ඉතා ආසාවෙන් බලා ඉන්නේ අවුරුද්ද උදාවන තුරුය. තරහ මරහා අමතක කරන, සැවෝම සමඟි කරවන සිංහල අවුරුද්ද සාමයේ උත්සවයකි.

එඩ්‍රිනා පෙරේරා,
3 ශ්‍රේණිය ‘සී’,
ශුද්ධවූ ප‍වුලේ කන්‍යාරාමය,
බම්බලපිටිය.

Comments