බාල බඩු වික්කොත් නඩු පිට නඩු | සිළුමිණ

බාල බඩු වික්කොත් නඩු පිට නඩු

එළැඹෙන අලුත් අවුරුදු උත්සව සමයේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඇඳුම් පැලඳුම්, ගෘහ උපකරණ, විදුලි උපකරණ අලෙවි කිරීමේදී සිදු වන අක්‍රමිකතා වැළැක්වීම සදහා පාරිභෝගික අධිකාරිය විසින් විශේෂ වැටලීම් කණ්ඩායම් දීප ව්‍යාප්තව යොදවා ඇති බව එහි සභාපති හසිත තිලකරත්න මහතා පවසයි.

කූ‍ට වෙළෙදුන් විසින් භාණ්ඩ වැඩිමිලට විකිණිම, ගුණාත්මක බවින් අඩු භාණ්ඩ විකිණිම මේ දිනවල බහුලව දක්නට ලැබෙන බවත් ඒ සදහා පාරිභෝගික අධිකාරිය වි‍ශේෂ අවධානය යොමු කරමින් මේ ක්‍රියාමාර්ගය ගත්බවත් විශේෂ වට්ටම් සහ තොග අවසන් කීරීමේ සේල් වශයෙන් විවිධ ක්‍රම උපයෝගී කර ගනිමින් කල් ඉකුත් වූ භාණ්ඩ, නරක් වූ භාණ්ඩ විකිණීම සහ බාල භාණ්ඩ විකිණිම කෙරෙහි පාරිභෝගික අධිකාරියේ අවධානයට යොමු කර ඇති බව පාරිභෝගික අධිකාරිය පවසයි.

 

Comments