
සාමාන්‍යයෙන් ශ්‍රි ලංකාවේ බිත්තර පරිභෝජනය දිනකට ලක්ෂ 65 කි. මේ වන විට වාර්තා වී ඇති ආකාරයට දිනකට නිෂ්පාදනය කෙරෙන බිත්තර ප්‍රමාණය ලක්ෂ 80 ක් පමණ වේ. මේ අනුව අප රට තුළ බිත්තර හිඟයක් නොපවතී. මේ නිසාම වර්තමානයේ බිත්තරයක මිල රු.9.00 - 13.00 ත් අතර දෝලනය වෙමින් පවතී. මේ තත්ත්වය තුළ පිටරටින් බිත්තර ආනයනය කිරීමට කිසිදු වුවමනාවක් නැතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කරයි.
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය මඟින් බිත්තර ආනයනය කිරීමට සූදානමක් පවතින බවට පසුගියදා පුවත්පත්වල පළ වී තිබුණ වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බවත්, අමාත්‍යාංශය මඟින් බිත්තර ආනයනය කිරීමට කිසිඳු බලාපොරොත්තුවක් නොමැති බවත්, මෙවැනි අසත්‍ය ප්‍රකාශවලට නොරැවටෙන ලෙසත්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.
''ඇතැම් පුවත්පත්වල මෙම අසත්‍ය පුවත් පළ වී තිබුණේ සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ඇතුළු නිලධාරීන් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවක් ඇසුරින් බව සදහන්ව තිබුණි. එහිදී කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය මැදිහත් වී බිත්තර ලක්ෂ 28 ක් මෙරටට ආනයනය කිරීමට පියවර ගෙන ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග මඟින් දැනුවත්ව ඇති බව සඳහන් කර තිබුණි. මෙයින් පැහැදිලි වන්නේ සත්‍ය වශයෙන්ම නොදැන හිතා මතා අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින්, අසත්‍ය ප්‍රවෘත්ති මවන ආකාරයකි.'' යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.