අනිද්දා සිට සතියම සීරුවෙන්! | Page 4 | සිළුමිණ

අනිද්දා සිට සතියම සීරුවෙන්!

 අප්‍රේල් මස තුන්වැනිදා සිට නවවැනිදා දක්වා දිවයින පුරා ජාතික මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කෙරේ. අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා ජනාධිපති කාර්යසාධක බළකාය ඒකාබද්ධව මේ වැඩසටහන සංවිධානය කර තිබේ. එළඹෙන නිරිතදිග මෝසම් වර්ෂාව සමඟ දිවයින පුරා ඩෙංගු මදුරුවන් බෝවීමේ අවදානමක් පවතින බැවින් ඒ තත්ත්වය මැඬ පැවැත්වීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක වේ.

මදුරු මර්දන සතිය තුළ දිවයිනේ සියලු පාසල්, කාර්යාල, අධ්‍යාපන ආයතන හා කලාප කර්යාල සහ අදාළ පරිශ්‍ර පවිත්‍ර කිරීම සඳහා පියවර ගැනේ.

අඛණ්ඩ මදුරු මර්දන වැඩසහන් ක්‍රියාත්මක නොකෙරෙන පාසල් හා කාර්යාල වෙත විශේෂ අවධානයක් යොමු කර, ඒවායෙහි අලුතින් වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන අතර, පාසල් නිවාඩු කාලය මෙන්ම නව පාසල් වාරයද ඇරඹෙන්නට පෙර මේ පවිත්‍රතා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට විදුහල්පතිවරුනට මෙන්ම අදාළ බලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඩෙංගු බෝ වන ස්ථාන ඉවත් කිරීම සඳහා ජනාධිපති කාර්යසාධක බළකාය විසින් සම්පාදිත කඩිනම් අන්තර්-පාර්ශ්වීය වැඩසටහන අප්‍රේල් හත් වැනි දින ක්‍රියාත්මක කෙරෙන අතර, ඊට සමගාමිව සියලු පාසල් තුළ ශ්‍රමදාන වැඩසටහන් සංවිධානය කරන ලෙස සියලු පළාත් හා කලාප අධ්‍යාපන නිලධාරීන්ට අමාත්‍යාංශය විසින් උපදෙස් දී තිබේ. 

Comments