දිරිමත් කතුන් ඇගැයුණු “ලියවරුණ 2018” | Page 3 | සිළුමිණ

දිරිමත් කතුන් ඇගැයුණු “ලියවරුණ 2018”

මහ­ර­ගම අපේක්ෂා රෝහල් කමි­ටුවේ සභා­ප­ති­නිය වූ එක්සත් ජාතීන්ගේ ළමා අර­මු­දලේ වැඩ­ස­ට­හ­න්වල ක්‍රියා­කා­රි­නි­යක වූ සාම තානා­ප­ති­නි­යක ලෙස ජාත්‍ය­න්ත­ර­යෙන් පිදුම් ලැබූ මානෙල් අයි­ල­ප්පෙ­රුම මහ­ත්මිය ජාත්‍ය­න්තර කාන්තා දින­යට සම­ගා­මීව ස්වාධීන රූප­වා­හිනී සේවයේ ලිය­ව­රුණ 2018 වැඩ­ස­ට­හ­නේදී මුදල් හා ජන­මාධ්‍ය නියෝජ්‍ය ඇමැති ලසන්ත අල­ගි­ය­වන්න මහ­තාගෙන් සම්මානයක් ලබා­ගත් අයු­රු. මහා­චාර්ය කුසුමා කරු­ණා­රත්න මහ­ත්මිය ද ඡායාරූපයේ සිටියි.

රටට, ජාතියට වැඩදායි සේවාවක් ඉටුකළ කාන්තාවන් අගය කිරීම යනු හෙට දවසේ වඩාත් යහපත් රටක් බිහිකිරීමේ මඟ වන බව මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ස්වාධීන රූපවාහිනි සේවයේ “ලියවරුණ 2018” වැඩසටහන විසින් සම්මානයට පාත්‍ර කළ විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණ දිරිමත් කාන්තාවන් දස දෙනෙකුට සම්මාන පිරිනැමීමේ උළෙලට එක්වෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා එසේ කීය.

අපේ රටේ ජනගහනයෙන් සියයට 52 ක් ම කාන්තාවන්. මේ කාන්තාවන් අපේ රටේ ජාතියේ දියුණුවට ඉටුකළ, ඉටුකරන සේවාව අතිමහත්. අපි මේ සේවාවන් අගය කරන්න ඕනෑ. එසේ කිරීමෙන් තමයි අපෙන් පසු පරම්පරාව අපේ රට වඩාත් යහපත් රටක් බවට පත්කරන්නට පෙළඹෙන්නේ.

සුමනා ජයතිලක, චිත්‍රාංගනී මල්වැන්න අබේධීර, අමීනා හුසේන්, වෛද්‍යවතී රාජපක්ෂ, එමල්ඩා සුකුමාර්, පොලිස් අධිකාරි ලංකා රාජිනී අමරසිංහ, කේ. ජයසිංහ විජේසේකර, ඔලිවියා ගමගේ, ම‍ානෙල් අයිලප්පෙරුම, සුනන්දා හෙට්ටිආරච්චි සහ මහාචාර්ය කුසුමා කරුණාරත්න යන මහත්මීහු මෙහිදි සම්මානයට පාත්‍ර වූහ.

Comments