පුංචි ආණ්ඩු 200කට තනිව බලය ගන්න බෑ | Page 5 | සිළුමිණ

පුංචි ආණ්ඩු 200කට තනිව බලය ගන්න බෑ

තනි දේශපාලන පක්ෂවලට බහුතරය ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් දුර්වල පළාත් පාලන ආයතන ව්‍යුහයක් නිර්මාණය වෙමින් පවතින බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල අනුව තනි දේශපාලන පක්ෂයක් 50%කට වැඩි සභික ධූර ප්‍රමාණයක් ලබාගෙන තිබෙන්නේ පළාත් පාලන ආයතන 138ක් පමණක් බව පෙන්වා දෙන හෙට්ටිආරච්චි මහතා අනෙක් පක්ෂවල සහායකින් තොරව සභා පිහිටුවා ගැනීමට හැක්කේ එම පළාත් පාලන ආයතන 138ක පමණක් බව අවධාරණය කරයි. එය සමස්තයක් ලෙස පළාත් පාලන ආයතනවලින් 40%ක් පමණි.

එසේම පළාත් පාලන ආයතන 34ක, තනි පක්ෂයක් සභික ප්‍රමාණයෙන් 50%ක් ලබාගෙන ඇති අතර ඔවුනටද අනෙක් පක්ෂ සහයකින් තොරව සභා පිහිටුවිය නොහැකි වී ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි. මෙහි වඩාත් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇත්තේ සියලුම දේශපාලන පක්ෂයන්ට 50%කට අඩුවෙන් සභික ධූර හිමිකරගෙන ඇති පළාත්පාලන ආයතනවල බවද හෙට්ටිආරච්චි මහතා පවසයි. පළාත් පාලන ආයතන 170කම මේ තත්ත්වය උද්ගතව ඇති බවද ඒ මහතා කීය. ඒ අනුව එම පළාත් පාලන ආයතන වල බලය කුමන කණ්ඩායමක් පිහිට වූවද ජාතික දේශපාලනයේ ක්‍රියාකාරීත්වයත් සමඟ බලය වෙනස් විය හැකි බවත් පළාත් පාලන ආයතන වලින් 50%ක් සන්ධනාගත වීම අනිවාර්ය වනු ඇති බවද ඒ මහතා කීය. උතුරු පළාතේ වව්නියා, මන්නාරම, මුලතිව් උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්ක වල එකම සභාවක හෝ තනි පක්ෂයකට බලය පිහිටුවිය නොහැකි බවද ඒ මහතා පෙන්වා දෙයි.

Comments