‘වන­හාමි’ සොයා අතී­ත­යට ගියෙමු | සිළුමිණ

‘වන­හාමි’ සොයා අතී­ත­යට ගියෙමු

 

 පරිසරය ගැන කතා කරන විට අප බොහෝ සෙයින් උනන්දු වන්නේ වනෝද්‍යාන ආදිය පිළිබඳ අවධානය යොමු කිරීමටයි. එහෙත් අප අවටම පාරිසරික වශයෙන් කෙතරම් වටිනා ස්ථාන තිබේද? ‘වනහාමි’ විසූ ගල් ගුහාවද එවැන්නකි.

කළුතර දිස්ත්‍රික්කයේ හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ‘ඇල්ලේ කන්ද’ රබර් වතු යාය දක්වා අපි ගියෙමු. මෙහි වෙසෙන්නේ දෙමළ උප-සංස්කෘතියකට අයත් පිරිසය. රබර් වතු යායේ නිල්ල ගැසුණු යටි රෝපණය නිසා කදිම ස්වාභාවික සෞන්දර්යයක් අපට දිස් වන්නට විය. වාහනයෙන් අපට යා හැකි වූයේ ඇල්ලේ කන්දේ එක්තරා දුරකට පමණි. ඉන් පසු කොටස අද්දන්නට බැරිය. රෝද ලිස්සා යයි. නිතර දෙවේලේ වාහන ගමන් නොකිරීම නිසා මාර්ගය කැලෑවට ගොසිනි. ස්වභාවයෙන්ම පවතින ශීතලත් වැසිබර කාලගුණයත් නිසා කූඩැල්ලන් ගහනය වැඩි වී ඇති සෙයකි.

මේ සියල්ල අතරේ මගේ සිතට වද දුන් ප්‍රශ්න පෙළකි. ‘වනහාමි’ යනු කවුද? වනහාමි සිටියේ කොයි කාලයේද? වනහාමි කුමන ස්වරූපයකින් සිටි අයෙක්ද? වනහාමි වනගත ගුහාවකට වී කල් ගත කළේ ඇයි? තව සුළු මොහොතකින් මේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙනු ඇත. කොසේ වෙතත් වනහාමි සොයා යන මාවත එතරම් අසීරු හා කටුක මාර්ගයක් නොවේ. රූස්ස වනගොමු මැදින් යා යුතුය. වර්ෂාව හේතුවෙන් අතු-ඉති හා ගස් බිම පතිතව ඇත. අපි ඒ සියල්ල තරණය කළෙමු.

දැන් දැන් ගල් ගුහාව අපේ අබිමුව පෙනේ. සැබැවින්ම මෙය නම් සුවිසල් ගුහාවකි. දැවැන්ත ශෛලමය වහලක් මෙහි ඇත. පිහිටීම අනුව පහළින් ප්‍රපාතයකි. අවට පලතුරු ගස් බොහෝමයකි. ඒ අතර අඹ, පේර, අලිපේර, කොස් හා රඹුටන්ය. වන හාමිට සෙවණ දුන් මේ ගුහාව නොහොත් ගල් ලෙන පිළිබඳ ජනප්‍රවාද හා කතා රැසකි. ඒ අතරින් පුරාණ මානවයන් මෙහි වාසය කළ බවට ඇති සැකයද එකකි. අතීත මානවයන්ගේ යැයි සැක සිතිය හැකි විවිධ දේ ප්‍රදේශවාසීන්ට හමු වූ බවද ජනප්‍රවාදයේ එන්නකි.

අප පුල-පුලා බලා සිටි වනහාමි පිළිබඳ තොරතුරු දැන් අපි සොයමු. වනහාමි යනු ‘හයවැනි පරාක්‍රමබාහු’ රජුගේ බිසවකි. ඇය කළිඟු දේශයෙන් ආ තැනැත්තියකි. ඇයට එක්තරා කලකදී කුෂ්ඨ රෝගයක් වැලඳී ඇත. එයට කෙතරම් වෙදකම් කළත් සුව නොවුණි. එසේ හෙයින් සමාජයෙන් ඈත් වී සිටි ඈ මේ වනගත භූමියට පැමිණියාය. ඈ ලැගුම්ගෙන ඇත්තේ මේ ගුහාවේය.

තවත් ජනප්‍රවාදයකට අනුව මේ බිසවගේ නම ‘හොරණෑවතී’ ය. කෙසේ වෙතත් ඇය ඇල්ලකන්දේ මේ ගුහාවට පැමිණ වනගත දිවියක් ගෙවා ඇත. ඇය සමඟ තවත් පිරිවර මෙහි පැමිණි බවද ජනප්‍රවාදයේ එයි. ඇය හුදෙකලාව ගෙවූ වනගත දිවිය හේතුවෙන් ඇයට ‘වනහාමි’ යන නාමය පටබැඳී ඇත.එසේ හෙයින් වනහාමි විසූ ගුහාව යන අදහසින් මේ ගුහාව වනහාමිගේ ගුහාව යන්න බොහෝ දෙනා අතර පැතිරුණි.

කාලයාගේ ඇවෑමෙන් වනහාමි සහ ඇගේ සහචර පිරිස අභාවයට යන්නට ඇත. එහෙත් වනහාමි විසූ ගුහාව අදටත් දැකගත හැකිය. වර්තමානයේ බොහෝදෙන මෙය නැරඹීමට පැමිණෙති. එහෙත් නරඹන්නට හෝ මේ පිළිබඳ අධ්‍යයනය කරන්නට මෙහි කිසිදු සටහනක් ඉතිරි වී නැත. ඉතිහාස කතාන්දරයක් හා බැඳී පවතින ඓතිහාසික ස්ථානයක් හෙයින් මෙය පුරාවිද්‍යාඥයන්ගේ අවධානයට යොමු විය යුතු බවටද සටහන් තබමි.

 

 

 ශ්‍යාමා සමරසිංහ

 

අපේ කාලේ  කුණු නෑ

 

“සිරීපාද කාලෙත් පටන් ගත්තා එහෙනං!” සීයා කතාවට මුල පිරීය.

“ඒක නේ සීයේ... මේ පාරත් යමුද අපි?” මුනුපුරා ඇසුවේය.

“මං නං ආසයි බොල මේ කකුල නොවෙන්න” හැමදේටම කකුලේ අමාරුව ඉදිරියට දාන සීයා ‘බැහ්’ ගානු ඇතැයි සිතූ මුනුපුරා අන්ද-මන්ද විය.

“පාං කෑල්ලක් ගේන්න කඩේට වත් යන්න බෑ කියන සීයා සිරිපාදේ යන්න ලෑස්තියි, ඈ?”

“සිරිපා කරුණා කොරන්ඩ බෑ කියලා අපි කවදාවත් කටක් ඇරලා කියන්නේ නෑ කොල්ලො.” “ඇයි

 
නික­මට කිව්වා 

දඬුකෝඩුද?”

“උඹට මාව පේන්නේ කිරිකෝඩු වගේද?”

“ඒක නෙවෙයි සීයේ... සීයලෑ කාලෙත් සිරීපාදෙ යද්දි කෑම පැකට්, රසකැවිලි පැකට් එහෙම ගෙනිච්චද?”

“උඹ නං මේ ලෝකෙ දෙයක් ගැන වගක් නැතිව ඉන්න එකෙක් ගානට ගිහිං පුතේ... ඔය කන් දෙකේ ගහගෙන ඉන්න ඇබ ගලවලා මනුස්ස ආස්සරේට ආයෙ ආව නං ඔය වගේ මැටිමෝල් කතා අහන්නේ නෑ. අපේ කාලේ කොහද බං සිලිබෑග් තිබුණේ?”

“හරි හරි... ඔය සීයා කියන්න හදන්නේ 'අග්ගලා කං ඩෝං පුතා හෙලේ නඟිං ඩෝං පුතා' කිය-කියා ගිය කතාව නේ... ඕක මගේ ඉහේ කෙස් ගානට අහලා තියෙනවා.”

“උඹේ ඉහේ කෙස්ගස් ටික ඔය කරන්ට් වැදිච්ච පූසෙක් වගේ හදාපු දවසේ ඉඳන් මං දැනගත්තේ අපේ වයසට එද්දි එකක් වත් ඉතුරු වෙන-එකක් නෑ. එතකොට කතා අහපු වාර ගාන මැනගන්න කරමෙකුත් නැති වේවි උඹට, හිහ්!”

“ඕකට තමයි 'ජෙනරේෂන් ගැප්' කියන්නේ... කවදාවත් අපේ කැමැත්ත සීයලා වැඩිදෙනෙක් තේරුම් ගන්නේ නෑ නේ... ”

“අනෙ උඹෙ ගැප්-එක... මොක වුණත් අර පුරස්නෙට උත්තරේ තමයි අපේ කාලේ, අද කාලේ වගේ සිරීපාදෙ කුණු කඳු කඩාවැටුණේ නෑ...”

“මම මේ ඒ ගැන තමයි කියන්න ආවෙ... කොහෙද ඉතිං, සීයා මගේ ඇදම නේ කියන්නෙ...”

“මොනවද ඉතිං ආයේ ඔකේ අමුතුවෙන් කියන්න තියෙන්නේ... උඹලගෙයි, උඹලගේ අම්ම අප්පලාගෙයි පරම්පරාවල උන් කිසීම බරක්-පතළක්, වගක්-විබාගයක් නැතුව ඔහේ සිලි බෑගුයි, අරවයි මෙව්වයි අරගෙන මහලොකු විනෝද චාරිකාවක් යනවා වගේ කෑගගහ යන්න ගතත්තට පස්සේ තමයි මේ ඔක්කොම සංගදි... අපේ කාලේ සිරිපා කරුණා කොළේ හිතේ සර්ධාවෙන්, භක්තියෙන්, 'අපේ බුදුන් අපි වඳින්න, පෙරළි පෙරළි අපි වඳින්න' කිය-කියා.”

“ඔව් ඔව්. තව කියන්නේ අර වඳින්න යන මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි” මුනුපුරා මුල පිරුවේය.

“එහ්හෙනං වැඳලා බහින මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි!” සීයා සම්පූර්ණ කළේය.

“කොච්චර ගතිද නේද සීයේ... ඒත් දැන් එහෙම සුබ පතන්නේ කීයෙන් කීදෙනාද?”

“ළමයෝ අද සමහරු කරුණා කරන්නේ කරන්නං වාලේ... සමහරු ජොලියට... සමහරු මෙකේ අගක් මුලක්වත් දන්නේ නෑ මයේ හිතේ. ඔය යන කට්ටියකගෙන් අහලා බැලුව නං දැනගත්තෑකි. නෑ මං මේ නිකමට කීවේ. දන්න අයත් නැතුවා නෙවේ...”

“නිකමට කීවට, කතාව ඇත්ත සීයේ... අගමුල දැනගෙන වටිනාකම අඳුනගෙන තැනකට යනවා නම් අච්චර කුණුකසළ ගොඩගැහිලා, ඒවා අස් කරන්න වෙන අයට ඉතුරු කරලා යන-එකක් නෑ නේ... කොටින්ම කිව්වොත් සිරීපාදේ මීතොටමුල්ලක් හැදෙන්නේ නෑ නේ...”

“කොණ්ඩෙ කෙළින් කළාට කොල්ලටත් යමක්-කමක් තේරෙනවා එහෙනං” මුනුපුරාගේ මූණ ඇද විය. “නෑ මං මේ නිකමට කිව්වෙ...” සීයාගේ සිනා මුවේ අරුත දැනගත් මුනුපුරාද

සිනා සුණේය. 

Comments