හා පැටියයි මාළු පැටියයි | Page 2 | සිළුමිණ

හා පැටියයි මාළු පැටියයි

එක දවසක් උදේ ආවා ලස්සන හා පැටියෙක්. ඒ හා පැටියා දැක්කා පොකුණක්. ඒ පොකුණේ තිබුණා ලස්සනම ලස්සන නෙළුම් මල්. එයින් එක් මලක් අයිති ඒ පොකුණේ හිටි මාළු පැටියාට. මේ මාළු පැටියා උදේ ආවා මේ ලස්සනම ලස්සන නෙළුම් මල කඩන්න. එතකොටම හා පැටියා දැක්කා අර පුංචි මාළු පැටියා නෙළුම් මල කඩන්න එනවා. හා පැටියා කිව්වා “මේ මල මගේ කියලා.” මාළු පැටියාත් ඒකම කිව්වා. ඊට පස්සෙ ඒ දෙන්නා එහෙම කියලා රණ්ඩු වුණා. එතකොට එතැනට ඉබිරාල ආවා. “ඇයි ඔය දෙන්නා රණ්ඩු වෙන්නෙ කියලා” ඉබිරාල ඇහුවා. මාළු පැටියාත් කිවුවා “මේ හාවා මගේ මල කඩනවා” කියලා. “ඔය දෙන්නා එකම මලට රණ්ඩු නොවී නෙළුම් මල් දෙකක් කඩා ගන්නකෝ කියලා. ඊට පස්සේ ඒ දෙන්නා නෙළුම් මල් දෙකක් කඩා ගත්තා. ඉතිං ඒ ගොල්ලෝ සෙල්ලම් කරමින් සතුටු වුණා. ආයිත් රණ්ඩු වු‍ණේ නෑ.

ගනුලි අමල්මී මලවිසූරිය
2 ශ්‍රේණිය ‘සී’ කුමුදු,
වෑතර කනිටු විදුහල ,
පොල්ගස්ඕවිට.

Comments