ජ්‍යොතිර්වේදිනී චතුරිකා දිල්හානි ගමආරිය
ජේයාතිෂයේදී ශුභ ග්‍රහයන් ලෙස සඳු, ගුරු, සිකුරු යන ග්‍රහයන් හඳුන්වයි. සඳු ග්‍රහයා දිව්‍ය මාතාව මෙන් පිළිගනී. සඳු බලවත් වීම ජන්මියා ලස්සන කරවීම සහ යහපත් සිතුවිලි ඇති කරවයි. පුර චන්ද්‍රයා සියලු යහපත් දේ ජන්මියාට ලබා දෙයි. පුර චන්ද්‍රයා බලවත් වූ විට ලෞකික සැප සම්පත් අතින් යහපත් වේ. ශුභ ගමන් යාමට යහපත් වේ. ජන්මියා ප්‍රිය උපදවන ලස්සන සෞම්‍ය තැනැත්තෙක් බවට පත් කරයි. ඉතා ඉවසිලිවන්ත ගති ඇති වේ.
චන්ද්‍රයාට හතර වැන්න හොඳම ස්ථානයක් වේ. යහපත් ගෙවල් දොරවල් යාන වාහන මෙන්ම මවගෙන් ලැබෙන දේපළවලට ද උරුමය හිමිවේ.