දළඳා පෙර­හර සාර්ථ­කව නිම වූ බව ජන­ප­තිට දන්වයි! | සිළුමිණ

දළඳා පෙර­හර සාර්ථ­කව නිම වූ බව ජන­ප­තිට දන්වයි!

හනුවර ශ්‍රී දළඳා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහර ජූලි 11 වැනිදා රාත්‍රියේ උත්කර්ෂවත් ලෙස පැවැත්වූ අතර, පෙරහර මංගල්‍යය සාර්ථකව නිම කළ බව දැක්වෙන සංදේශය දළඳා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල විසින් ඉකුත් සිකුරාදා මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් වෙත සම්ප්‍රදායානුකූලව පිළිගැන්වූ අවස්ථාවයි මේ. පෙරහරට සහභාගී වූ කලා ශිල්පීන් වෙත ජනාධිපතිවරයා අතින් මෙහිදී තිළිණ සහ සහතික පත් 162ක් පිරිනමන ලද අතර, ඇසළ පෙරහර භාරය, පිටිසර දේවාලය වෙනුවෙන් සිදු කරන ලද මූල්‍යාධාර ප්‍රදානයද ඒ අවස්ථාවේදී සිදු කෙරිණි. මෙහිදී ජනාධිපතිවරයාට ‘පූජනීය දළදා සංස්කෘතිය’ ග්‍රන්ථය ද පිළිගැන්විණි. ඇමතිවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, ආචාර්ය විජයදාස රාජපක්ෂ, ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඇතුළු පිරිසක්ද මෙයට එක්ව සිටියහ.

(ඡායාරූපය - සුලෝචන ගමගේ)

 

Comments