අර­ග­ල­ක­රු­ව­න්ගෙන් නිද­හස් කර ගත් ගාලු­මු­ව­දොර පිටිය | සිළුමිණ

අර­ග­ල­ක­රු­ව­න්ගෙන් නිද­හස් කර ගත් ගාලු­මු­ව­දොර පිටිය

රගලකරුවන් විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටි ගාලුමුවදොර පිටිය දින 123කට පසු ඔවුන්ගෙන් යළි සම්පූර්ණයෙන් නිදහස් කර ගැනීමට නාගරික සංවර්ධන අධිකාරිය සිකුරාදා උදෑසන සමත් විය. මෙහි දිස්වන්නේ අරගලකරුවන්ගෙන් නිදහස් කර ගත් ගාලුමුවදොර පිටියේ එදින සවස සරුංගල් යවමින් විනෝද වන දෙදෙනෙකි. සිකුරාදා පස්වරුව වන විට ගාලුමුවදොර පිටියේ සිය ගණන් ජනයා සිවුමසකට පසු නිදහසේ කෙළි දෙළෙන් පසුවන අයුරු දක්නට ලැබුණි. බ්‍රිතාන්‍ය පාලන සමයේදී එනම් වසර 1856දී ගාලුමුවදොර පිටිය විවේකී සහ ක්‍රීඩා ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණි.

(ඡායාරූපය - දුෂ්මන්ත මායාදුන්නේ)

 

Comments