දේශපාලන පක්ෂ නියෝජිතයින් අද මැතිවරණ කොමිසමට | සිළුමිණ

දේශපාලන පක්ෂ නියෝජිතයින් අද මැතිවරණ කොමිසමට

පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයින් මැතිවරණ කොමිෂන් සභාව වෙත අද (08) කැඳවා තිබෙයි.
 
මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ සභාව මඟින් යෝජනා කර ඇති මැතිවරණ ක්‍රමයේ සංශෝධන පිළිබඳව මෙහිදි සාකච්ඡා කිරීමට නියමිත බව එම කොමිසමේ සභාපති නීතීඥ නිමල් ජි පුංචිහේවා මහතා සඳහන් කළේය.
 
මෙම සාකච්ඡාවන් පසුව පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන නියෝජිතයින් සහ සිවිල් සංවිධාන අතර ද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ද ඒ මහතා වැඩිදුරටත් සදහන් කරයි.

Comments